විශ්වයේ පුෂ්පිත ප්‍රඥාවෙි
සත්‍යයේ විශ්මිත ශික්ෂාවේ
ශිල්ප ශාලිකා රෝහණයේ
කල්ප අරා සුදිලී........... දිනේ දිනේ...........
මහින්ද නම් ලද කරුණාදරයේ
රාජපක්ෂ අභිමානයේ
ශිල්ප ශාලිකා රෝහණයේ
කල්ප අරා සුදිලී......... දිනේ දිනේ...........
තුරුලතා මල්පල දෙවා, ජීවිත නගා දිසි නිල්වලා
මුතුහිනා හා රැළිති පා සමුදුර දකී පැහැ දුල් වළා
රුදු අවා ගිණි කඳ නිවා මිණි පහන දැල් වූ කල් බලා
දුටු අමා රුව ළඟ සදා අප සිත් පහන් ඇත දැල්විලා
මහින්ද නම් ලද කරුණාදරයේ...........
ලොව දිනා හිස කිරුළු ලා ඔබ සුව පතා වඩිනා තුරා
සිප දොවා නව පණ පොවා අප වැඩු මවුන් ඔබ දුක දරා
හිත අරා වට විදු පබා නැණ රන් ශිඛා දල්වා සදා
දැය නගා සුරකිමි නොබා අප ලක් මවුන් මියෙනා තුරා
ගේය පද - බන්දුල නානායක්කාරවසම්
ස්වර රටා - ආචාර්ය රෝහණ වීරසිංහ
Our school anthem represents the values, aspirations, and spirit of MRCM. Composed in 2013, it has become an integral part of our school's identity, sung with pride at all major school events and ceremonies. The anthem embodies our commitment to excellence, unity, and the pursuit of knowledge.